ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

    August, 16, 2017

    2017 අගෝස්තු 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට ලක්‍ෂ්මන් සිල්වා මහතාව පත් කර ඇති බව, එම බැංකුව ප‍්‍රකාශයට පත් කර සිටි.

    සිය පුළුල් වෘත්තීයමය පසුබිම හා මුල්‍ය සේවා හා බැංකු කර්මාන්තය තුළ ඇති විශේෂඥතාව සමගින්, නුතන යුගයේ නව්‍යකරනය, ඩිජිටල්කරණය හා වර්ධනය සම`ගින් රටේ පුමුඛතම හා ගෞරවනීය වාණිජ බැංකුවක් කරා ඒ මහතා DFCC බැංකුව රැගෙන යනු ඇති බව, සහතිකය. මුල්‍ය අංශයේ වසර 30 කට වඩා වැඩි අත්දැකීම් සහිත ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය හිමිකරගෙන තිබේ. එසේම ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය (විශේෂ) උපාධීධාරියෙකි.

    දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවට බැඳී තම වෘත්තීයමය දිවිය ඇරඹු ලක්‍ෂ්මන් සිල්වා මහතා අනතුරුව මුල්‍ය සේවා කෂේත‍්‍රය හා සම්බන්ධ වෙමින් 1987 වසරේ දී DFCC සමුහය හා එක්විය. DFCC බැංකුව තම ගණදෙනුකාරභවතුන් වෙත පිරිනමන පුළුල් පරාසයක් පුරා පැතිරුණු නිෂ්පාදන හා සේවාවන්, ප‍්‍රවර්ධනය කරලිමේදි සහ ඒවා ශක්තිමත් කිරිමේදි ඔහු කැපීපෙනෙන කාර්්‍යභාරයක් ඉටුකරන ලදි. මීට පෙර DFCC වර්ධන බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුර සහ පසුව 2010 වසරේදි එහි ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට තේරී පත්විය. එම තනතුරු හොබවමින්, 2015 වසරේ සැප්තැම්බර් මාසය තෙක් ඔහු ෘත්‍ක්‍ක්‍ වර්ධන බැංකුවේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

    මේ අතර, DFCC බැංකුව සහ DFCC වර්ධන බැංකුව ඒකාබද්ධවීමෙන් අනතුරුව ලක්‍ෂ්මන් සිල්වා මහතාව ඒකාබද්ධ වු ෘත්‍ක්‍ක්‍ බැංකුවේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්  කරන ලදි. සිය වාණිජ බැංකු ව්‍යාපාරය ඉදිරියට රැගෙන යන අතර තුර ආසියාවේ පුමුඛතම සංවර්ධන බැංකුවක් ලෙස දශක 6කට වඩා වැඩි කාලයක් තිස්සේ DFCC බැංකුව සතු  විශේෂඥතාව පෙරදැරිව ව්‍යාපෘතී මුල්‍ය සේවාවන් ප‍්‍රවර්ධනය හා දිරිමත් කිරිම අඛණ්ඩව සිදුකරලීම වෙනුවෙන් ක‍්‍රමෝපායීක කළමනාකරනය හා නායකත්වය සැපයීමේ වගකීම නව තනතුරත් සමගින් ඔහු වෙත පැවරී තිබේ.

    තම නව භුමීකාව පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි ලක්‍ෂ්මන් සිල්වා මහතා මෙසේ පවසයි. ’‘ප‍්‍රධාන විධායක නිලධාරි ධුරය සමගින් DFCC බැංකුව සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කිරිමට ලැබීම ගෞරවයක් විදියට මම සළකනවා. ගණුදෙනුකරුවන්ගේ හා ව්‍යාපාරයන් හි වෙනස් වන අවශ්‍යතා කෙරෙහි සැළකිලිමත් වෙමින් ඒවාට මුහුණ දීම සඳහා සාර්ථකව අනුගත වෙමින් DFCC බැංකුව මේ වන විට අංග සම්පුර්ණ ක‍්‍රීයාශිලි වාණිජ බැංකුවක් බවට පත්ව තියෙනවා. හොඳම පාරිභෝගීක සේවාවන් පිරිනමමින් සියළු තරාතිරම් හි ශ‍්‍රී ලාංකිකයන් වෙත විශේෂයෙන්ම සැකසු මුල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් DFCC බැංකුව තවදුරටත් අවධානය යොමු කර තියෙනවා.

    බැංකුව මෑත කාලයේදී පෙන්වන ලද වර්තමාන මුල්‍ය වර්ධනය තුල ගමන් කරමින් අපගේ වටිනා ගණුදෙනුකරුවන්ට හා කොටස් හිමියන්ට අමතර වටිනාකමක් ලැබෙන ආකාරයෙන් බැංකුවේ දිගුකාලින ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කරලමින් එය පෙරට රැගෙන යෑමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් අපගේ ව්‍යාපාර මෙහෙයුම්වලදි යෝධ පිම්මක් පැනීම වෙනුවෙන් DFCC බැංකුව මනාව සැදි සිටිනවා. එම භාරදුර සමයේදී බැංකුවේ මුලසුන දරමින් සේවය කිරිමට හැකිවිම සම්බන්ධයෙන් මම අතිශයින්ම සතුටට පත් වෙනවා’’ ලක්‍ෂ්මන් සිල්වා සඳහන් කරයි.

    ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ වෘත්තියමය බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ලෙස ද සේවය කර තිබේ. ඊට Synapsys  Limited" Acuity Securities Limited, Acuity Partners (Pvt) Limited" DFCC Consulting (Pvt) Limited, Lanka ventures PLC, LVL Energy Fund Limited, Lanka Financial Services Bureau Limited, Lanka Industrial Estates Limited yd Sri Lanka Banks Association (Guarantee) Limited ආදී සමාගම් රැසක අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු කටයුතු කරයි.