ලකී ලංකා කොටස් නිකුතුවටත් කිරි උතුරයි

    July, 11, 2014

    කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ලකී ලංකා සමාගමේ කොටස් නිකුතුව සඳහා අද පස්වරු 2.00 වනවිට අධි ඉල්ලුමක් ඇතිවූ බව නිකුතුවේ කළමනාකරු වන ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව කියයි.

    ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සඳහන් කර තිබෙන්නේ සමාගම විසින් නිකුත් කළ රුපියල් මිලියන 228 ක් වටිනා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 38 සඳහාත් රුපියල් මිලියන 72 ක් වටිනා සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 24 සඳහාත් අධි ඉල්ලුමක් ඇතිවූ බවයි.

    මේ අනුව, අද පස්වරු 4.30 වනවිට නිකුතුව වසා දමන බව සඳහන්ය.

    ලකී ලංකා සමාගම විසින් සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 06 කටත්, සාමාන්‍ය ඡන්ද රහිත කොටසක් රුපියල් 03 කටත් නිකුත් කරන ලදී.