March, 17, 2020
ලන්ඩනයේ සිට කොළඹ දක්වා පියාසර කරන ලද ශ්‍රීලංකන් ගුවන් යානයක් සම්බන්ධයෙන් දැනට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතින ඇතැම් වාර්තා ශ්‍රීලංකන් ගුවන් සේවය තරයේ ප්‍රතික්ෂේප කරයි.
එම තොරතුරු වලට අනුව විදේශ රටවල සිටින ප්‍රභූවරුන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ ගුවන් සේවා පහසුකම් සලසා ඇති බව සඳහන් වන අතර එම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා නොමඟ යවන සුළු ප්‍රකාශ බව ගුවන් සමාගම අවධාරණය කර සිටියි.
එසේම පවත්නා තත්ත්වයන් නොසලකා වටිනා මගීන්ගේ සුවපහසුව සහ අරක්ෂාව සහතික කිරීම සඳහා, මෙන්ම එක්සත් රාජධානිය වෙත ආපසු යාමට අදහස් කරන සංචාරකයින්ගේ ගමන් බිමන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ගුවන් සේවය ප්‍රධාන වශයෙන් ලන්ඩනයට මෙහෙයුම් සිදු කරනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවය සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ COVID 19 වසංගතයට එරෙහිව රට සහ ලෝකයම සටන් කිරීමට උත්සාහ දරන මොහොතක එවැනි ව්‍යාජ ප්රවෘත්ති වලට නොරැවටෙන ලෙසත් නිල නොවන සහ වගකීම් රහිත මාධ්‍ය හරහා වාර්තා කරන ලද එවැනි අන්තර්ගතයන් බෙදාගැනීමෙන් හෝ පළ කිරීමෙන් වළකින ලෙසයි.
Video Story