ලන්ඩන් වීදිවල සැරිසරනා රත්තරං කාර් මෙන්න

    March, 31, 2016

    සෞදියේ ධන කුවේරයෙකු වන Turki Bin Abdullah කුමරු පසුගියදා ලන්ඩනයට පැමිණයේය. මෙම සංචාරයේ ඇති විශේෂත්වය නම් තමන් සතු රන් ආලේපිත අති සුඛෝපභෝගී මෝටර් රථ හතරක් ද ලන්ඩනයට රැගෙන ඒමට ඔහු කටයුතු කිරීමයි.

    මෙලෙස ලන්ඩනයට ආ රත්‍රං මෝටර් රථ වූයේ Mercedes 6x6, Rolls-Royce Phantom Coupe, Lamborghini Aventador SV හා Mansory Bentley Flying Spur රථ හතරකි.

    සෑම වර්ෂයක දීම පාහේ සෞදියේ වෙසෙන ධන කුවේරයන් මෙලෙස ලන්ඩනයට පැමිණෙන බවත් එලෙස පැමිණීමේ දී තමන් සතු මෝටර් රථ මෙලෙස රැගෙන පැමිණීම සාමාන්‍ය දෙයක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.