September, 2, 2020
“සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්තිවලට සමගාමීව කොවිඩ් 19 වසංගතයෙන් ව්‍යාපාර කටයුතු අඩාල වූ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිවල මාසික කුලී පදනම මත පදිංචි ව්‍යාපාරිකයින් සඳහා පහත සඳහන් සහන සහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව,
1. ලන්දේසි රෝහල, නිදහස් චතුරශ්‍ර සාප්පු සංකීර්ණය, තුරඟ තරඟ පිටිය, රත්තරං අලෙවි මධ්‍යස්ථානය සහ පාවෙන වෙළෙඳ සංකීර්ණය සඳහා 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා 50%කින් මාසික කුලිය අඩුකිරීම.
2. වාණිජ ව්‍යාපෘති සඳහා 2020 මාර්තු, අප්‍රේල් සහ මැයි මාසයන් සඳහා සම්පූර්ණ මාසික කුලී ගෙවීමෙන් නිදහස් කිරීම.
3. නිවාස ව්‍යාපෘතිවල පදිංචිකරුවන් සඳහා 2020 මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා නියමිත වාරික අයකිරීම පමාකිරීම.
4. භාවිතය වෙනස් කිරීම සඳහා ගාස්තු ගෙවා වාර්ෂිකව අවසරය ලබාගන්නා පෞද්ගලික දේපල හිමියන් සඳහා 2020 මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා ගාස්තු ගෙවීමෙන් නිදහස් කිරීම.
ඉහත සහන ලබාගැනීම සඳහාවන ඉල්ලීම් 2020.03.01 දිනට පවතින හිඟ කුලී මුදල් ගෙවීමෙන් අනතුරුව 2020.09.30 දිනට ප්‍රථම ප්‍රධාන හෝ දිස්ත්‍රික් කාර්යාලවලට කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.
Video Story