ලොකු මිනිස්සු තරහා වෙන්නේ නැහැ. ඔක්කෝම යාළුවෝ – ධම්මික

    August, 30, 2022

    තමා හට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිදු පුද්ගලික තරහක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසා සිටියි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (29) විකාශය වූ “දෙරණ 360“ වැඩසටහනට එක් වූ අවස්ථාවේදී ය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් වැනි ඉහළ පෙළේ පුද්ගලයින් කිසිවෙකු පුද්ගලික අපනාපකම් ඇති කර නොගන්නා බව කියා සිටියේය.

    ප්‍රශ්නය - ඔබතුමා ජනාධිපතිවරයා ගැන ප්‍රකාශයක් කරනවා. රනිල් වික්‍රමසිංහ ඩොලර් ගෙන්න වැඩ කරන්නේ නැහැ. එන්න තියන ඩොලර් ටික නවත්තනවා. ඔහුට මේ මුදල් අමාත්‍ය ධූරය ගැලපෙන්නේ නැහැ. අග්‍රාමාත්‍ය ධූරයේ හිටියට කමක් නැහැ. මුදල් අමාත්‍ය ධූරය ගැලපෙන්නේ නැහැ. ඔහු ඉල්ලා අස් විය යුතුයි කියලා. සාහසික ප්‍රකාශයක්?

    පිළිතුර - නැහැ සාහසික නෙවෙයිනේ. ඒවා technical ප්‍රකාශ. ඒ කියන්නේ technical කියන්නේ එතන ඉන්න එක නිලධාරියෙක් මේ 100,000$ ඒ කියන්නේ Indian visa එකට 100,000$ එක මදි කියලා. 250,000$ දාලා ඒකට ගෙයක් දාන්න ඕන කියලා කර කර ඉන්නවා. එතකොට එතුමා ඇමති හැටියට ඒවා bypass කරලා. ඒවා cabinet එකේ approve වෙච්ච එකක්. ඒක bypass කරන්න එපැයි. හැබැයි එතුමා නිලධාරීන් කියන දේ අහලා හිටියා. ඉතින් ඒක technical මේකක් මිසක් නැතුව එහෙනම් කියන්න එපැයි ඔක්කොගෙන්ම අස් වෙන්න කියලා. කිව්වේ නැහැනේ මම. මම කිව්වේ එතනදි, ඔයා ඒ statement එකේ බලන්න technical  කියලා පේන්නේ පුද්ගලික තරහක් නැහැ කියන එකනේ. මෙහෙමයි ලොකු අය කොහොමත් පුද්ගලිකව තරහා වෙන්නේ නැහැ. ඔය ඔක්කොම යාළුවෝ ඉන්නේ.  ඒ නිසා ඔක්කොම යාළුයි. පොඩි අය තමයි එක එක්කෙනා තරහා වෙන්නේ. 

    ප්‍රශ්නය - අර ප්‍රබල කියමනක් තියෙන්නේ උන් ඔක්කොම යාළුවො මල්ලි කියලා, ඒ වගේ එක්ක ද‍?

    පිළිතුර - ඔව් ඔව් 100% නේ. ඒ කියන කතාවේ පොඩි අය විතරනේ ඔය තරහ තියාගන්නේ, ලොකු අය කිසි තරහක් වෙන්නේ නැහැනේ. දැන් අපි board meeting වල අපි ඉස්සර private sector එකේ වැඩ කරනකොට ඕන තරම් බනිනවනේ. බැන්නට කවුරුත් තරහා නැහැනේ. ඒ බනින්නේ ඒ වැඩේ කරගන්නනේ. ඉතින් එහෙම එකක් මිසක් මේ පුද්ගලික තරහක් නැහැනේ.ලොකු මිනිස්සු කවුරුත් තරහා වෙන්නේ නැහැ.  specially politicians ලා, ඊලඟට ව්‍යාපාරිකයන් තරහා නැහැ එක එක්කෙනාට.