March, 4, 2019
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගමේ සහෝදර සමාගම වන ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම මුතුරාජවෙල ලොජිස්ටික් කලාපයේ ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය ඉදිරිකිරීම සඳහා මුල්ගල් තැබුවේය. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය අධ්‍යක්ෂ/නියෝජ්‍ය සභාපති ගිහාන් කුරේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ට්‍රාන්ස්ප්‍රෝටේෂන්
ඇමරිකානු ඩොලර් මිලියන 14ක මූලික ආයෝජනයකින් ඉදිකෙරෙන මෙම ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය වර්ග අඩි 230,000ක වපසරියකට හිමිකම් කියන අතර 2020 මාර්තු මස අගදී එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙහි කියුබික් මීටර් 40,000කට අධික ගබඩා ධාරිතාවක් ඇති අතර මසකට කියුබික් මීටර 300,000කට අධික මෙහෙයුම් ධාරිත්වක් එය සතුවේ. බහුවිධ ගබඩාකරණ පහසුකම් වලට අමතරව, FMCG, ඇඟළුම්, විදුලි උපාංග, රසායනික ද්‍රව්‍ය, ලිහිස්සි තෙල්, විදුලි සංදේශන, ඉක්මනින් නශ්‍ය වන භාණ්ඩ සහ වෙළඳ භාණ්ඩ ඇතුළු පුළුල් පරාසයක විහිදුනු කාර්මික අංශ වලට ඔබින පරිදි මෙහි අගය එක් කළ සේවා (VAS) රැසක් පවතී. ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව පිරිවැය කාර්යක්ෂම සේවා ලබාදීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතුව කාර්ය ස්වයංක්‍රියකරණය සහ නිෂ්පාදන ඇසුරුම්කරණය කිරීමට මෙම අංශය සමත්වනු ඇත. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග සැලසුමට මෙන්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ වරායට ආසන්නයේ මෙම ලොජිස්ටික් මධ්‍යස්ථානය ගොඩනැගෙන බැවින් ඒ හරහා දේශීය කර්මාන්ත සහ පාරිභෝගික වෙළඳපල ජාත්‍යන්තර සැපයුම් දාම සමග සම්බන්ධ කිරීම මෙමගින් වඩාත් පහසුවනු ඇත.
ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් අංශය හරහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රවාහන අංශය දෙස්-විදෙස් වෙළඳපල තුළ පුළුල් පරාසයක විහිදුනු කර්මාන්ත රැසක සැපයුම් දාම සඳහා පහසුකම් සලසයි. නවීනත ම යටිතල පහසුකම්, ගබඩා කළමනාකරණ පද්ධති, ලොජිස්ටික් ආශ්‍රිත නව සේවා/විසදුම් සහ හැසිරවීම් මෙවලම් සමගින් සමාගම උසස් තාක්ෂණික ශ්‍රීතෝෂ්ණ ගබඩා පහසුකම් හතක මෙහෙයුම් කටයුතු සිදුකරයි. මෙම නව පහසුකම සමූහයේ දිගුකාලීන සේවා ධාරිතාව වර්ධනය කිරීමේ සැලසුමේ කොටසක් වන අතර එයට සමාගමේ උෂ්ණත්ව පාළන ගබඩා, ප්‍රවාහන සහ කළාපීය වශයෙන් සිය සේවා ව්‍යාප්ත කිරීමේ අරමුණද ඇතුළත් වේ.

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සහ ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකේය කර්මාන්ත සහ වාණිජ අංශය ගෝලීය සැපයුම් දාම සමග ඒකාබද්ධවීමේ ක්‍රියාවලිය කඩිනම් වී ඇති මේ මෙහොතේ ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ලෝක මට්ටමේ ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය දේශීය මෙන්ම විදේශීය සැපයුම් දාම කාර්යක්ෂමව සහ ඵලදායීව පවත්වාගෙන යාමට ක්‍රමෝපායිකව දායකත්වය ලබාදෙනු ඇති බවය.
Video Story