ලොව අවසන් වීඩියෝ කැසට් රෙකෝඩරය මෙම මාසයේ දී වෙළෙඳපොළට

    July, 26, 2016

    මේ වන විට වීඩියෝ කැසට් රෙකෝඩර (VCR) නිෂ්පාදනය කරනු ලබන ලොව එකම සමාගම වන ජපානයේ Funai Electric සමාගම මෙම මාසයෙන් පසු වීඩියෝ කැසට් රෙකෝඩර නිෂ්පාදන කටයුතු මුළුමනින්ම නවත දමන බව කියා සිටී.

    චීනයේ Sanyo සමාගම වෙනුවෙන් VCR යන්ත්‍ර නිෂ්පාදනය කරනු ලබන ජපානයේ Funai Electric ඉලෙක්ට්‍රික් සමාගම මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ සිය අලෙවිය විශාල වශයෙන් පහත වැටීම නිසා මෙම තීරණය ගැනීමට පියවර ගත් බවයි. පසුගිය 2015 වර්ෂයේ දී Funai සමාගමේ VCR යන්ත්‍ර අලෙවිය ඒකක 750,000 ක් පමණක් වූ බවත් ඊට පෙර වර්ෂයේ දී එය ඒකක මිලියන 15 ක්වූ බවත් සමාගම මෙහිදී වැඩිදුරටත් කියා සිටී.

    VCD හා DVD යන්ත්‍ර භාවිකයට පැමිණීමත් සමඟම VCR යන්ත්‍ර භාවිතය ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගත් අතර අද වන විට පෙන් ඩ්‍රයිව් හා මෙමරි කාඩ් භාවිතය මෙන්ම අන්තර්ජාල හා තාක්ෂණික දියුණුවත් සමග VCD, DVD යන්ත්‍රවල භාවිතය ද ක්‍රමයෙන් හීනවෙමින් පවතී.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලොව අවසාන වශයෙන් නිෂ්පාදනය වන වීඩියෝ කැසට් රෙකෝඩර් මාදිලියයි. KAZUHIRO NOGI/AFP/Getty Images.