ලොව ප්‍රථම වරට 32MP Dual Elevating Selfie Camera පහසුකම සහිතව vivo V17 Pro ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    October, 17, 2019

    moonlight flash, 48MP AI Quad Rear Camera, ආදී අති නවීන  පුරෝගාමී තාක්ෂණික විශේෂතා රැසක් සහිතයි

     

    ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන vivo හි නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි.  vivo හි  කාණ්ඩයට අයත් මෙම නවතම ස්මාර්ට්ෆෝනය  සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබේ. ලොව මුල් වරට සෙල්ෆි ඡායාරූප සඳහා  32MP dual elevating front camera සහිතව මෙම ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇත. මීට අමතරව මෙහි ඇතුළත් පෙරළිකාර විශේෂතා අතර FHD සහ  Super AMOLED Ultra FullView™ තිරය සහ වෘත්තිය මට්ටමේ 48MP AI Quad Camera ආදී පහසුකම් විශේෂ වෙයි.

     

    මෙම නවතම හඳුන්වා දීම පිළිබඳව අදහස් දැක්වූ  vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑං (Kevin Jiang)    මහතා සඳහන් කළේ  V17 Pro ස්මාර්ට්ෆෝනය සමඟ  නවතම ස්මාර්ට්ෆෝන් තාක්ෂණය මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකරන බවයි. මේ ආකාරයට අති නවීන කැමරා තාක්ෂණය සහිත ස්මාර්ට්ෆෝන්  මෙරට පාරිභෝගිකයා වෙත පිරිනැමීම vivo හි එක්  ප්‍රධාන මෙහෙවරක් කොට  සලකන බව ද හෙතෙම සඳහන් කළේය. එම මෙහෙවර ඉටු කරමින්  සිය නවතම ස්මාර්ට්ෆෝනය වන  V17 Pro මෙරටට හඳුන්වා දෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.  මෙම ස්මාර්ට්ෆෝනය ඉදිරිපස කැමරා ද්විත්වයකින් සමන්විත වන අතර ඒවා විශේෂතා රැසකින් සමන්විත වෙයි. අවම ආලෝක තත්වයකදී වුව ද සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමේ හැකියාව ආදී  විශේෂතා සමඟ පාරිභෝගික අවශ්‍යතා මැනවින් වටහා ගනිමින් මෙම ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර තිබීම සුවිශේෂි වන බව  හෙතෙම සඳහන් කළේය.

     

     V17 Pro ස්මාර්ට්ෆෝනය 8GB RAM සහ 128GB ROM සහිත වන අතර Crystal Black පැහැයෙන් යුක්තව නිමවා තිබේ. මෙම නවතම ස්මාර්ට්ෆෝනය 2019 ඔක්තෝබර් මාසයේ සිට  වසරක වගකීමක් සහිතව රුපියල් 84,990.00 කට මිලදී ගැනීමට හැකි වෙයි.

     

    V17 Pro ස්මාර්ට්ෆෝනයෙහි අලෙවි සහකරු වශයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී කටයුතු කරන අතර තෝරාගත් ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වෙතින් V17 Pro මිලදී ගන්නා ඩයලොග් පාරිභෝගිකයින් සඳහා මාස 03 ක කාලයක් සඳහා මාසිකව 10 GB ඩේටා ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට  කටයුතු යොදා තිබේ. V17 Pro හි ජාතික බෙදාහරින්නා වන අබාන්ස් වෙතින් සහ දිවයින  පුරා පිහිටි vivo බලයලත් නියෝජිතයින් වෙතින්  මෙම නවතම V17 Pro ස්මාර්ට්ෆෝනය මිළදී ගත හැකිය.

     

     

    vivo V17 Pro හි විශේෂතා

     

    32MP Dual Pop-Up සෙල්ෆි කැමරාව සමඟ අසීමාන්තික අත්දැකීමක්

    පුළුල් පරාසයක් ආවරණය වන 32MP ද්විත්ව කැමරාව මඟින් අංශක 105ක් දක්වා ආවරණය වන බැවින්  වැඩි පිරිසක් සෙල්ෆි ඡායාරූපයට හසු කර ගැනීමේ අවකාශය එමඟින් සැලසෙයි.

    එමෙන්ම රාත්‍රී කාලයේදී සහ අවම අලෝක තත්වයකදී  ඉතා සුපැහැදිලි ඡායාරූප ලබාගත හැකි වීම ද විශේෂත්වයකි.

     

    සවිස්තරාත්මක ඡායාරූප සඳහා  48MP AI Quad පසුපස කැමරාව

    V17 Pro හි ඇති 48MP AI Quad පසුපස කැමරා පහසුකම් මඟින් වඩා සවිස්තරාත්මක ඡායාරූප  ගැනීමට අවකාශ සැලසෙයි. මෙම කැමරා අතර 48MP HD rear camera, 13MP Telephoto කැමරා , 8MP AI Super wide-angle සහ  Super Macro (2.5cm) මෙන්ම 2MP Bokeh ආදී කැමරා පහසුකම් ඇතුළත් වෙයි.  මෙම කැමරා මඟින් ඕනෑම ආලෝක තත්වයන්හි දී ලබාගන්නා ඡායාරූප වඩා තීව්‍ර ලෙස සවිස්තරාත්මකව දක්වයි.  එමෙන්ම රාත්‍රි කාලයේදී HDR පහසුකම සහිතව ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමේ හැකියාව නිසා  මෙම කැමරා පහසුකම වැදගත්  වෙයි. විශේෂයෙන් වීඩියෝකරණයේදී බාහිර ශබ්ද අවම කිරීම් පහසුකම් සහිතව මෙම  ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර තිබේ.

     

    ලෝකය තවදුරටත් සමීප කරවයි

    V17 Pro හි කැමරා පහසුකම් වල  අන්තර්ගත Super Macro  විශේෂාංගය තුළින් ඉතා කුඩා වස්තූන් පහසුවෙන් ඡායාරූපයට නඟා ගැනීමට හැකියාව ලැබේ. සෙන්ටිමීටර් 2.5 ක් දක්වා එම වස්තූන් වඩා සමීපව කැමරාවට හසුකර ගැනීමට මෙමඟින් අවස්තාව සැලසෙයි.

    මීට අමතරව 2x Optical Zoom සහ  10x Digital Zoom පහසුකම තුළින් ඕනෑම වස්තුවක් සුපැහැදිලිව සමීප කර දැක්වීමේ හැකියාව ලැබේ. මෙම 13MP Telephoto Camera පහසුකම නිසා ඡායාරූපකරණයේ පෙර නොවිඳි අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සැලසෙයි.  

     

    AI තාක්ෂණයෙන් යුතු පුළුල් පරාසයක් දැක්වෙන කැමරාව

    අංශක 120 ක පුළුල් පරාසයක් පැහැදිලිව ග්‍රහණය කර ගත හැකි කැමරාවක් සහිතව V17 Pro ස්මාර්ට්ෆෝනය නිමවා තිබීම නිසා වඩාත් නිර්මාණශීලි ලෙස සහ කලාත්මක ලෙස ඡායාරූප ලබාගැනීමේ හැකියාව සහිත වෙයි.

     

    20:9 Ultra FullView™ Display පහසුකම

    V17 Pro ස්මාර්ට්ෆෝනය 16.36cm (6.44 inches) Super AMOLED display සහිත වෙයි. මේ නිසා මෙම ස්මාර්ට්ෆෝනයෙන් 91.65% ක පරාසයක් පුරා ඇති E3 OLED තිරය මඟින් DCI-P3 වර්ණ 100% කින් නැරඹිමේ පහසුව ලැබෙයි. මේ අනුව නියම ස්වාභාවික වර්ණ ඒ අයුරින්ම බාධාවක් රහිතව ඡායාරූපයට හෝ වීඩියෝවට හසුකර ගැනීම වඩාත් පහසු වෙයි. වඩාත් තුනී නිමාවකින් යුක්ත V17 Pro ස්මාර්ට්ෆෝනයේ  සතර කෙළවර වක්‍රාකාර හැඩයක් ගැනීම නිසා මනරම් පෙනුමකින් යුක්ත වෙයි.

     

    කොතරම් වේලාවක් තිරය නැරඹුවද ඇස් වෙහෙසට පත් නොවන ආකාරයේ  LCD තිරය මඟින් ස්වංක්‍රියවම  ඇසට සරිලන ආකාරයට වර්ණ ගැලපීම සිදුකරයි. මේ නිසා  ඇස් වෙහෙසට පත් නොකර ඕනැම අඳුරු වටපිටාවකදී වඩා සැහැල්ලුවෙන් ඕනෑම වේලාවක් තිරය නැරඹීමේ හැකියාව පවතී.

     

    Fast access සහ ආරක්ෂාව

    Fingerprint Scanning තාක්ෂණයේ ප්‍රමුඛයා වන vivo පැහැදිලිව දර්ශනය වන fingerprint pad එකක් සහිතව මෙම ස්මාර්ට්ෆෝනය නිපදවා තිබීම විශේෂ වෙයි. පරිපූර්ණ ලෙස ආරක්ෂාව තහවුරු වන ආකාරයට මෙම පහසුකම යොදවා ඇත්තේ  vivo හි  කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් සඳහා වන ආවේණික ආරක්ෂක ක්‍රමවේද තවදුරටත් වැඩිදියුණු කරමිනි.

     

    ප්‍රශස්ත fingerprint තාක්ෂණයෙන් යුතු V17 Pro ස්මාර්ට්ෆෝනය  තත්පර 0. 39 ක් වැනි ඉතා කෙටි කාලයකින් unlock කරගැනීමේ හැකියාව සහිතව නිපදවා තිබේ.

     

     

     

     

    සුමට ක්‍රිියාකාරීත්වය

    අති නවීන AI තාක්ෂණය පාදක කරගනිමින් නිර්මාණය වූ V17 Pro ස්මාර්ට්ෆෝනය Qualcomm’s Snapdragon 675AIE  ප්‍රොසෙසරයකින් සහ 8GB RAM සහ 128GB ROM ආදී පහසුකම් වලින් යුක්ත වීම නිසා වේගවත් සුමට ක්‍රියාකාරීත්වයකින් යුක්ත වෙයි. Funtouch OS 9.1 (based on Android 9) සහ vivo හි Jovi AI Engine ආදී ක්‍රමවේද මඟින් ඕනැම සංකීර්ණ අවස්ථාවකදී වුව ද මෙහි මතක ධාරිතාව පුළුල් හා වේගවත් කරවයි.

     

    ද්විත්ව වේගයකින් ආරෝපණය වන බැටරිය

    දිගු වේලාවක් පවතින ද්විත්ව වේගයකින් ආරෝපණයකළ හැකි සැහැල්ලු බරකින් යුතු  4,100mAh බැටරිය Fast Charging (18W) තාක්ෂණයෙන් යුක්ත වෙයි. මේ නිසා Power bank භාවිත කිරීමේ වුවමනාව අවම වී යයි.

     

    සුපිරී ක්‍රීඩාමය අත්දැකීම

    vivo හි මෙහෙයුම් පද්ධතිය හා බැඳනු Multi-Turbo acceleration technology පහසුකම නිසා බාධා රහිතව විනෝදාත්මක ක්‍රීඩා වල නිරතවීමේ හැකියාව සහිත වෙයි.

     

    AI Turbo, Center Turbo, Game Turbo, Net Turbo, සහ Cooling Turbo ආදී පහසුකම් නිසා අනවශ්‍ය රත්වීමකින් තොරව අඛණ්ඩව ඇසපිය ගසන වේගයෙන් වේගවත්ව ක්‍රීඩා කිරීමේ පහසුකම් වලින් මෙය සමන්විත වෙයි.

     

     

    ඡායාරූප - වමේ සිට දකුණට - vivo මොබයිල් ලංකා හි සන්නාම ප්‍රධානි ඇලිසන් ජින් මෙනවිය, vivo මොබයිල් ලංකා හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෘ සැන්ග් මහතා,  අබාන්ස් පීඑල්සී නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනේෂ් පෙරේරාඅබාන්ස් පීඑල්සී නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්න පතිරණ මහතා