ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

    April, 3, 2017

    ශ්‍රී ලංකා නෞකා ඉක්හාසයේ තවත් වැදගත් සංධිස්ථානයක් සළකුණු කරමින් ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව වන "Hoegh Trigger" පසුගිය දා හම්බන්තොට වරායට සේන්දු විය.

    නෝර්වේ ඔස්ලෝ හි Hoegh Autoliners විසින් හිමිකාරීත්වය දරනු ලබන මෙම නෞකාව පසුගිය මාර්තු 31 වන දින හම්බන්තොට වරායට ළඟා වූ අතර එහි දේශීය නියෝජිතයා ලෙස්න Diamond Shipping Services (Pvt) Ltd කටයුතු කරනු ලබයි.

    තට්ටු 14 කින් යුතු මෙම නෞකාව වරකට මෝටර් රථ 8,500 ක් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවයකින් යුක්තය.