ලෝකයම කුල්මත් කළ WAFL රස රැස දැන් ශ්‍රී ලංකාවේ

    November, 13, 2019

    ජාත්‍යන්තර රසවතුන්ගේ ජනප්‍රියත්වයට හා ආදරයට ගෝලීය සන්නාමයක් වන WAFL අවහන් ජාලයේ පළමු අවන්හල One Galle Face පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරන ලදී. රුසියානු ව්‍යසායකයින් පිරිසකගේ සංකල්පයකට අනුව ජාත්යන්තර WAFL අවන්හල් ජාලය බිහිවිය.
    සාම්ප්‍රදායික වොෆල් අතික්‍රමණය කරමින් නැවුම් ආරක රස සමුදායක් හා නිෂ්පාදන පෙළක් ලොවට හඳුන්වා දෙන්නට ඔවුන්ට හැකි විය. පැණි රසට ප්‍රිය කරන්නන් හා සේවරි රස සොයන රසවතුන්ට ඔවුන්ගේ උවමනාව මත WAFL වෙතින් රස නිපැයුම් පෙළක් ඔබ වෙත හඳුන්වා දී ඇත.

    WAFL අවහන්හල වෙත පැමිණෙන ආගන්තුක ඔබ ඉදිරිපිටම පිසින ලද නැවුම් රස පිරි වොෆල් නිෂ්පාදන ඔබ වෙත පිළිගන්වනු ඇත.ඒ අතර උණුසුම් හොං කොං හා බෙල්ජියම් වොෆල් සමඟ දිව පිනවන WAFL අයිස් ක්රීම් වල රසයත්, නැවුම් පළතුරු යුෂ සාරයෙන් ඔබ වෙත එන පළතුරු යුෂ පානයත්,දිව පිනවන් බෙරි ගෙඩි වල යුෂ වල දිව නැටවෙන රසයත් ඔබට WAFL අවහන්හල තුළදී අත් විදිය හැක. එපමණක්ද නොව ක්රිස්පි කුකීස් හා විවිධ නට්ස් වර්ගවල රසයද ඔබට අත් විඳින්නට නිසැකයෙන්ම හැකියාව ලැබෙනු ඇත. ඇස පිනවන වර්ණ රැසකින් එම වොෆල් නිපැයුම් වර්ණ ගන්වා තිබීම නිසාම ඔබගේ ආහාර රුචිය තව තවත් වර්ධනය වනවා නිසැකය.එම නිෂ්පාදනයන් අතර WAFL Corndog, WAFL Sandwich,හා WAFL Pie, ඔබට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය. ඔබ මෙතෙක් WAFL පීසා වල රස බලා නැත්නම් එයටත් ඔබට අවස්ථාවක උදාකර දීමට WAFL කටයුතු යොදා ඇති බව දන්වන්නේ හද පිරි සතුටිනි. සම්පූර්ණයෙන්ම නිර්මාංශික ආහාර රැසක් ද WAFL සතුබව කිවයුතුමය. නිර්මාංශික ඔබ වෙනුවෙන්ම සැකසූ නිර්මාංශික WAFL නිෂ්පාදනයන් කිසිදු සැකයකින් තොරව ඔබට බුක්තිවිඳීමට අවකාශය සකසා ඇත. නැවුම් හා සෞඛ්ය සම්පන්න ආහාර රටාවක නව මාවතක් WAFL හරහා පාරිභෝගික ඔබ සැමට විවරවනු ඇත. ඔබ නිරන්තරවම ව්යායාම කරමින් සෞඛ්ය සම්පන්න ජීවන රටාවකට හුරුවූවෙක් නම් නිසැකයෙන්ම ඔබ WAFL රසවතෙකු වනු ඇත. මන්දයත් ඔබේ සෞඛ්ය සම්පන්න ජීවිතයට කිසිඳු බලපෑමක් නොවන අයුරින් ඔබට WAFL නිපැයුම් රස විදිය හැක. ශ්රී ලාංකිකයන් සඳහාම විශේෂයෙන්ම සැකසූ වොෆල් රස රැසක් WAFL අවහන්හල තුළදී ඔබට අත් විදිය හැක.

    WAFL සන්නාමයේ ජාත්යන්තර අලෙවි ප්රධානී ඩෙරික් එෆිමොවික් මහතා අදහස් දක්වමින් “ ජාත්යනතර සංචාරකයන්ගේ අංක එකේ සංචාරක පාරාදීසයක් වන ශ්රී ලංකාවට අපගේ WAFL නාමය රැගෙන එන්නට හැකිවීම පිළිබදව අප ඉමහත් සතුටට පත්වනවා. එමෙන්ම ශ්රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියට නව ආරක ජාත්යන්තර අවන්හල් ජාලයක අත්දැකීම WAFL නාමය යටතේ ඔබට අත්විඳීමට අප කටයුතු යොදා ඇත. මෙතැන් සිට WAFL නාමය යටතේ ඔබ වෙත තිළින කරන ආහාර පෙළෙහි රස නහර පිනා යන වොෆල් අත්දැකීමත් සමඟ ඒකාත්මික වන්නට සියලු ශ්රී ලාංකිකයන්ට WAFL මව් සමාගම වෙනුවෙන් මා ආරාධනා කර සිටිනවා යැයි.“ ඒ මහතා කියා සිටියේය.

    WAFL සන්නමයේ මෙරට මෙහෙයුම් කටයුතු සිදුකරන Go Eats පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්යක්ෂක තරිඳු දිසානායක මහතා අදහස් දක්වමින් “ ජාත්යන්තරව පිළිගත් රුසියානු අවන්හල් සමූහයක් වන WAFL නාමය ලොව රටවල් ගණනක ජනප්රිය සන්නාමයක්. එය මෙරටට ගෙන ඒමට හැකි වීම අප ලැබූ සුවිශේෂී ජයග්රහණයක් මෙන්ම නැවුම් අත්දැකීමක් WAFL නාමය යටතේ මෙරට රසවතුන්ට මෙතැන් සිට දිව පිනවන රස රැසක් සමඟ වොෆල් අත්දැකීමක් විදින්නට අපහා සම්බන්ධවන්නට සුහද සිතින් ආරාධනා කරනවා.“ දිසානායක මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් “ එමෙන්ම මෙම සමාගම් ජාලය හා අත්වැල් බැඳගන්නට මෙරට ආයෝජකයන්ට ද අවස්ථාවක් ඇති බව දන්වන්නේ හදපිරි සතුටින්. අප සමඟ සම්බන්ධ වී මෙම ලාබ ලබන ව්යාපාරයේ ආයෝජන අවස්ථා විවර කරදෙන්නට අප බලාපොරොත්තු වනවා, ඒ වගේම දිවයින පුරා පිහිටුවීමට නියමිතව ඇති අවන්හල් 13 ක් සඳහා අවශ්ය මූලික කටයුතු මේ වනවිටත් සම්පාදනය කොට අවසන් බව සතුටින් දැනුම් දීමට කැමති.“ බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

    මෙම අවස්තාවට WAFL ජාත්යන්තර සමාගමේ නිලධාරීන් හා මෙරට මෙහෙයුම් බාරව සිටින Go Eats පුද්ගලික සමාගමේ නිලධාරීන් හා මාධ්යවේදීන් ඇතුලු සම්භාවනීය පිරිසක් සහබාගී වී සිටියේය.