ලෝකයේ දත්ත මිල අඩුම රට ලංකාවයි- අනූෂ පැල්පිට

    March, 17, 2014

    සාමාන්‍ය ජනතාව ADSL සහ Wi-Fi ලෙස භාවිතා කරන අන්තර්ජාල දත්තවල මිල ගණන් අඩුම රට ශ්‍රී ලංකාව බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට කියයි.

    ඔහු අප සමග පැවසුවේ මේ වනවිට මෙරට අන්තර් ජාල දත්ත සම්බන්ධතා මිලියන 02 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් එය 2016 අවසාන වනවිට මිලියන 04 ක් දක්වා වර්ධනය කිරීමට ඉලක්ක කර තිබෙන බවයි.

    “සාමාන්‍ය ජනතාව භාවිතා කරන අන්තර් ජාල දත්තවල මිල ගණන් අඩුම රට ලංකාව. එක් අතකින් මෙරට අන්තර්ජාල පහසුකම් පුළුල් කිරීමට මෙය බාධාවක් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරික වශයෙන් ලාභ ලැබීමට බැරි තරම් මිල අඩු වුණොත් සමාගම් මෙම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට පෙළෙඹෙන්නේ නෑ. මේ නිසා, ව්‍යාපාරික කටයුතු කරන සමාගම්ද ආරක්ෂා වන පරිදි මේවායේ මිල ගණන් පවත්වා ගැනීම වැදගත්.“

    යනුවෙන් පැල්පිට මහතා සඳහන් කළේය.

    ලංකාව ලෝකයේ දත්ත සම්බන්ධතාවල ගුණාත්මක තත්ත්වය සැලකීමේදී ඉදිරියෙන්ම සිටින රටක් බවද පැල්පිට මහතා කීය.