• Ada Derana BIZ Sinhala
  • Adani
  • second richest person
  • sri lanka

ලෝකයේ දෙවැනි ලොකුම සල්ලිකාරයා බවට අදානි පත්වෙයි

September, 16, 2022

ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි, මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව දෙවැනි ස්ථානයට පත්ව සිටී.

එම ලැයිස්තුවේ දෙවැනි තැන සිටි Amazon නිර්මාතෘ Jeff Bezos මේ වන විට සිව්වැනි තැනට පත්ව ඇති අතර LVMH ප්‍රධාන විධායක නිලධාරී Bernard Arnault තෙවැනි තැනට පත්ව සිටී. මොවුන් අභිබවමින් ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ Adani  සමූහයට අයත් කොටස්වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟිනි.

ෆෝබ්ස් දත්ත වාර්තාවලට අනුව ඔහු දෙවැනි වන්නේ ඩොලර් බිලියන 273.5 ක වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්ට පමණි.

2022 සැප්තැම්බර් 16 වන විට අදානි ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 155.7ක් ලෙසින් සටහන්ව ඇත.

ෆෝබ්ස් වාර්තාවන්ට අනුව ලොව ධනවත්ම පුද්ගලයින් 9 දෙනා පහත පරිදි වේ.

Elon Musk ($273.5 billion),

Gautam Adani ($155.7 billion),

Bernard Arnault ($155.2),

Jeff Bezos ($149.7 billion),

Bill Gates ($105.3 billion),

Warren Buffett ($96.5 billion),

Mukesh Ambani ($92.6 billion)

Google co-founders Larry Page ($89 billion) and Sergey Brin ($85.4 billion)