ලෝක ඉතිහාසයේ විශාලතම කොටස් මිල කඩා වැටීම චීනයෙන් වාර්තා වෙයි

    October, 30, 2017

    චීනයේ විශාලතම තෙල් නිෂ්පාදකයා වන PetroChina සමාගම, සිය තෙවන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එහි කොටස් මිල සීඝ්‍රයෙන් පහළ යාමට පටන් ගත් බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර සිටී.

    එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ ඩොලර් ට්‍රිලියනයක වටිනාකමකින් යුතු වූ පළමු සමාගම වන PetroChina හි තත්ත්වය 2007 වසරේ සිට අසතුටුදායක අතට පත්වෙමින් පවතින බවයි. මීට වසර ‍10 කට පෙර ෂැංහයි ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත පළමු දිනයේ දිනයේ දී වාර්තා කළ මිලෙ හි සිට මේ දක්වා ඩොලර් බිලියන 800 කින් PetroChina හි වෙළෙඳපොළ වටිනාකම පහළ ගොස් තිබේ.

    මෙම වෙළෙඳපොළ වටිනාකම පහළ යාමේ තරම කොපමණ දැයි පෙන්වීමට බ්ලූම්බර්ග් අඩවිය සන්සන්දනාත්මක කරුණු කිහිපයක් ම ගෙන හැර පා ඇත. එනම් එය ලොව ධනවත්ම පුද්ගලයින් 12 දෙනාගේ සමස්ත ධනය වන ඩොලර් බිලියන 769 ට වඩා ඉහළ අගයයක් යන්නයි.

    එසේම එය සමස්ත ඉතාලි කොටස් වෙළෙඳපොළට වඩා ඉහළ අගයයකි. තවද එය 2017 වසරේ ඇස්තමේන්තුගත එක්සත් ජනපද අයවැය හිඟය ද ඉක්මවා යනු ලබයි.