ලෝක කුසලානයට සංගා කැඳවයි

    May, 17, 2019

    මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට කැඳවීමක් ලැබ තිබේ. ඒ ලෝක කුසලාන ජාත්‍යන්තර විස්තර විචාරක මඬුල්ලේ සාමාජිකයෙකු ලෙසයි.

    මේ අනුව 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේ සඳහා එක්වන ජාත්‍යන්තර විස්තර විචාරකයින් 24 දෙනා ඇතුළට එක්වන එකම ශ්‍රී ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාරයි.

    කෙසේ වෙතත් මෙම විස්තර විචාරකයින් අතරට, ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආනෝල්ඩ් ගේ නම ඇතුළත් නොවීම විශේෂත්වයකි.