ලෝක ජයත් සමග ක්‍රිකට් විකාශ අයිතිය වැඩි මිලට යන ලකුණු

    April, 14, 2014

    විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගැනීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වයන් සහ ක්‍රිකට් තරග විකාශ අයිතීන් පවතින මිලට වඩා වැඩියෙන් විකිණීමේ හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා කියයි.

    අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා මේ බව පැවසීය.

    “අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවයන් වැඩිවන විට අනුග්‍රාහක ගිවිසුම් සහ ක්‍රිකට් තරග විකාශ අයිතිය වෙනුවෙන් පවතිනවාට වඩා වැඩි මිලක් අයකර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ නිසා, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම් වැඩිකර ගැනීම සඳහා හොඳ අවස්ථාවක්.“

    යනුවෙන් ඔහු අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.