ලෝක දියවැඩියා දිනය සනිටුහන් කරමින් විෂන් කෙයා ආයතනය නිරන්තර අක්ෂි පරීක්ෂණයේ වැදගත්කම අවධාරණය කරයි

    November, 16, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් මෙවර ලෝක දියවැඩියා දිනය සනිටුහන් කරමින් දියවැඩියාව හේතුවෙන් ඇසෙහි ඇති වන සංකූලතා මඟහරවා ගනිමින් පෙනීම ආරක්ෂා කර ගැනීම සඳහා නිරන්තර අක්ෂි පරීක්ෂාවන් වෙත යොමු වීමේ වැදගත්කම අවධාරණය කරයි.

    දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට බරපතල රෝගාබාධ වැළදීමේ වැඩි අවදානමක් පවතී. දිගින් දිගටම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක පැවතීම නිසා හෘදය සහ රුධිරවාහිණී පද්ධතිය, ඇස්, වකුගඩු, ස්නායු සෛල සහ දත් ආදියට දැඩි බලපෑම් ඇතිවේ. මෙවර ලෝක දියවැඩියා දිනයේ දී විෂන් කෙයා ආයතනය පෙන්වා දෙන්නේ විද්‍යාත්මක නිරීක්ෂණ අනුව, දියවැඩියාව තිබෙන සෑම පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක අයෙකුටම දියවැඩියා රෙටිනේාපති තත්ත්වය ඇති විය හැකි බවයි. දියවැඩියාව නිසා ඇස් අන්ධවීමට බලපාන මූලික හේතුවක් ලෙස මෙම තත්වය ඇතිවීම දැක්විය හැක. රුධිරයේ ග්ලුකෝස් මට්ටම වැඩිවීම මෙම තත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුවයි. එයින් අක්ෂි රුධිර කේෂනාලිකා හානියට ලක්වීම, අවහිරවීම සහ ඒවා තුලින් පිටතට රුධිරය කාන්දුවීම නිසා ක්‍රමයෙන් ඇස්පෙනීම අවම වී අවසානයේදී අන්ධභාවයට පවා පත්වීමට වැඩි ඉඩකඩක් තිබේ. එමෙන්ම දියවැඩියාව ඇසෙහි සුද ඇති වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන අතර අක්ෂි පීඩනය සහ ඇසෙහි වියලි බව ඇති වීමටද හේතු වෙයි.

    විෂන් කෙයා මඟින් සිදු කරන දියවැඩියා රෙටිනේාපති පරීක්ෂාව දියවැඩියා රෝගීන්ගේ අක්ෂි සංකූලතා මුලදීම හඳුනා ගැනීමට උපකාරී වෙයි. මෙම විශේෂ පරීක්ෂණය සඳහා දෘෂ්ටි පරීක්ෂාවක්, අභ්‍යන්තර ඡායාරූපකරණ පරීක්ෂාවක්, ධක්‍ඔ පරීක්ෂාවක් සහ දෘෂ්ටි පරාසය මැනීමේ පරීක්ෂාවක් ඇතුළුත් වෙයි. දියවැඩියා රෙටිනේාපති පරීක්ෂාව අවසානයේ පරීක්ෂණ වාර්තාවට අනුකූලව ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි විෂන් කෙයා මඟින් ලබා ගැනීමට හැකි අතර අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා සුදුසු වෛද්‍යවරයෙක් වෙත යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙයි. යම් පුද්ගලයෙකු දියවැඩියා රෝගී තත්වයෙන් පෙළෙන්නේ නම් මූලික අක්ෂි පරීක්ෂාව නිතර සිදු කරගැනීම තුලින් බරපතල රෝග පාලනය සහ කළමනාකරණ කරගැනීමේ හැකියාව හා ඇසේ නිරෝගීකම ආරක්ෂා කරගැනීමට අවස්ථාව උදාවෙයි. ඒ සඳහා විෂන් කෙයා ආයතනයට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කරවා ගැනීමෙන් එය පහසු ආකාරයෙන් සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

    විෂන් කෙයා සෑම විටම සිය පාරිභෝගිකයන්ගේත්, සේවකයන්ගේත්, සමාජයේත් සුව සෙත පිළිබඳව ප්‍රමුඛත්වයක් දෙන ආයතනයක් වන අතර මෙම කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ සියළුම විෂන් කෙයා ශාඛාවන් රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පනවන ලද ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියා පටිපාටීන්ට අනුකූලව පවත්වාගෙන යනු ලැබේ.

    ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙස විෂන් කෙයා ආයතනය හඳුන්වාදීමට හැකිය. ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච, ශ්‍රවණාධාරක සහ ශ්‍රවන පරීක්ෂණ ලබාදීමට ඔවුන් කටයුතු කරයි. එහිදී ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි සන්නාම, අක්ෂි කාච සන්නාම සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.