ලෝක ධනකුවේරයින්ගේ ලයිස්තුවේ පෙරළියක්

    March, 5, 2014

    සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන බිලියන පතියන් ලයිස්තුගත කිරීමේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල් ගේට්ස් යළිත් ලොව අංක එකේ ධනකුවේරයා බවට පත්ව තිබේ.

    මේ අනුව, මෙහිදී සිදුකර තිබෙන ගණනය කිරීම් වලට අනුව ගේට්ස්ගේ ශුද්ධ වත්කම් 2013 දී වූ ඩොලර් බිලියන 67 ක සිට මේ වසරේදී ඩොලර් බිලියන 76 ක් දක්වා වර්ධනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ සමග ලොව ධනකුවේරයින් අතර ප්‍රථමයා ලෙසින් වැජඹුණු මෙක්සිකෝවේ විදුලි සංදේශ ව්‍යාපාරික කාර්ලෝස් ස්ලිම් දෙවැනි තැනට ඇද වැටී තිබෙන බව සඳහන්ය.

    මේ වසරේදී ශුද්ධ වත්කම් ප්‍රමාණය වැඩිපුරම වැඩිවී තිබෙන්නේ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ බව මෙම වාර්තා කියයි. මෙහිදී, සකර්බර්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය  ෆේස්බුක් කොටස්වල මිල වැඩිවීම නිසා ඩොලර් බිලියන 28.5 ක් දක්වා දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩිවී ඇත.

    එසේම, ෆෝබ්ස් ලෝක ධන කුවේරයින්ගේ ලයිස්තුවේ WhatsApp නිර්මාතෘවරුන් වන Jan Koum සහ Brian Acton පිළිවෙලින් 202 සහ 551 ක යන ස්ථානවල සිටින අතර මෙයට හේතුවී තිබෙන්නේ ෆේස්බුක් විසින් ඩොලර් බිලියන 19 ක් ගෙවා එම සමාගම මිලදී ගැනීමයි.

     වැඩිම ධනකුවේරයෝ ඇමරිකාවෙන්

    ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි ඇමරිකාව බිලියන පතියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට පත්ව තිබෙන අතර ෆෝබ්ස් ලයිස්තුවට අනුව එරට බිලියන පතියන් 492 ක් සිටී.

    ඇමරිකාවට පසුව කළාපයක් ලෙස වැඩිම බිලියන පතියන් ප්‍රමාණයක් සිටින්නේ යුරෝපයේයි. එම ප්‍රමාණය 468 කි. තුන්වන තැන ගෙන තිබෙන ආසියාවේ සිටින බිලියන පතියන් ප්‍රමාණය 444 කි.

    පහත දැක්වෙන්නේ 2014 වෙනුවෙන් ෆෝබ්ස් එළිදක්වා තිබෙන බිලියන පතියන්ගේ ලයිස්තුවයි.  fl