September, 30, 2019
2019 වර්ෂය සඳහා වූ ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) කොළඹ, හිල්ටන් හෝටලයේ දී ආරම්භ විය.
"සංවර්ධනය වෙමින් පවතින නගර සඳහා පුනර්ජනනීය බලශක්තිය තුලින් විදුලිබලය, බලශක්තිය, ජල සම්පාදනය සහ සුවපහසු ජීවන රටාවක්" යන තේමාව යටතේ පුරා දින පහක් මෙම ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය පැවැත්වීමට නියමිතය.
මෙම සම්මේලනයේ සමාරම්භක උත්සවයට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ සභාපති මහාචාර්ය අලි සයිග් (Prof. Ali Sayigh), ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජික විද්‍යා අමරපාල යන මහත්වරු ඇතුලු එම සම්මේලනයේ දෙස් විදෙස් නියෝජිතයන් රැසක් සහභාගි වී සිටියහ.
Video Story