ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක් අනුමතයි

    August, 1, 2016

    ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය පහසුකමක් අනුමත කර ඇති බව ලෝක බැංකුව නිවේදනය කර සිටී. ලෝක බැංකුව විසින් අනුමත කරන ලද මෙම ණය පහසුකම ජාත්‍යන්තර සංවර්ධන සංගමය (International Development Association - IDA) හරහා ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව මේ වන විට සිය ආර්ථික ප්‍රතිසංස්කරණ ස්ථායි ලෙසින් පවත්වා ගෙන යන බවත්, මේ හරහා පාරදෘශ්‍යභාවය හා සාර්ව ආර්ථික ස්ථායිකරණය ළඟා කර ගැනීම තුළින් රැකියා දශ ලක්ෂයක් බිහිකිරීමට කටයුතු කරමින් සිටින බවත් ලෝක බැංකු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙහිදී වැඩිදුරටත් ලෝක බැංකුව අවධාරණය කර සිටින්නේ රාජ්‍ය අංශය පෙරටු කර ගත් ආර්ථිකයක් වෙනුවට පුද්ගලික අංශය මූලිකත්වය ගන්නා ආර්ථිකයක් තුළින් වඩාත් ඵලදායී ලෙස නව රැකියා බිහිකරලිය හැකි බවයි.

    මෙහිදී ලෝක බැංකුව කණ්ඩායම විසින් මෙම වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා රජය වෙත තාක්ෂණික සහයෝගය ලබා දීමට කටයුතු කරනු ඇත.