• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • World gold prices

ලෝක රන් මිල හිටි අඩියේ ඉහළට. හෙට්ටිවීදියේ මිලත් වැඩි වෙයි

September, 29, 2022

ඊයේ (28) දිනයේ මුල් භාගයේ දී වාර්තාගත පහළ යාමකට ලක්ව තිබූ ලෝක රන් මිල යළිත් වරක් ඉහළ යන ස්වාභාවයක් පෙන්නුම් කරයි. ඒ අනුව ඊයේ දිනයේ එක් අවස්ථාවක දී ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620 න් පහළ මට්ටමකට පැමිණ තිබුණ ද, දිනය සමාප්තියේ දී එම අගය ඩොලර් 1,650 සීමාවට පැමිණි තිබුණු නිරීක්ෂණය කළ හැකි විය.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 1,650 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රත්‍රං පවුමක මිල ඊයේ දිනයේ දී රු. 159,100 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය අද (29) දිනයේ දී රු. 160,500 ක් දක්වා වැඩි වී ඇත.

තවද කැරට් 24 රත්‍රං පවුමක මිල ඊයේ පැවති රු. 172,000 මිලෙහි සිට අද දිනයේ දී රු. 173,500 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.