ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි තේරී පත්වෙයි

    May, 30, 2019

    ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංවිධානයේ උප සභාපතිවරයෙකු ලෙස යළිත් වරක් තේරී පත්විය. ඒ 2019-2020 වර්ෂ සදහායි. මීට පෙර 2017 වසරේ දී ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්විය. සෞඛ්‍ය අමාත්‍යවරයා එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකු ද වෙයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සැසිවාරය පසුගිය 19 වන දා ආරම්භ වූ අතර, එම සැසිවාරය ඊයේ 28 අවසන් විය. අද (29) සහ හෙට (30) විධායක කමිටු සැසිවාරය පැවැත්වෙන අතර, එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.

     

    (ඡායාරූපය සහ සටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්න ලදී.)