වකුගඩු රෝගීන්ට ඖෂධ ඉන්දියාවෙන්. හෘද රෝගීන්ට ඖෂධ චීනයෙන්

    March, 25, 2019

    වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයක් වන එපොයිටින් එන්නත් 850,000ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s Reliance Science වෙතින් ඇමරිකානු ඩොලර් 918,000ක මුදලකට මිල දී ගැනීමට සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන විවිධ වර්ගවල එනොක්සපාරින් සෝඩියම් එන්නත් 690,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 1.82ක මුදලකට චීනයේ M/s. Shenzhen Techdow Pharmaceutical Co. Ltd වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.