වජිරගේ අත්සනින් මැයි එක හතට කල් ගියේ මෙහෙමයි

    April, 12, 2018

    ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස කලින් නම්කර තිබුණ ද වෙසක් සතියේ දී මැයි පෙළපාලි හා රැළි පැවැත්වීම ආගමික උත්සවවලට බාධා විය හැකි බැවින් මැයි රැළි වෙනත් දිනයක පවත්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම සළකා බැලූ රජය මැයි රැළි හා පෙළපාලි පැවැත්වීම සඳහා මැයි 07 වැනි දිනය යොදා ගෙන ඇත.

    ඒ අනුව ස්වදෙශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට පැවරෙන බලතල අනුව එම නිවාඩු දින වෙනස් කරමින් අංක 2066/17 දරණ ගැසට් නිවේදනය 2018 අප්‍රේල් මස 10 අඟහරුවාදා අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරනු ලැබීය.