වනජීවී භාරය වසා දැමීමේ තීරණයක්

    October, 21, 2019

    භාර ආඥාපනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ වනජීවී භාරය පරිසර සංරක්ෂණය කිරීම හා වනජීවී සංරක්ෂණයට අදාළව දැනට කිසිදු ක්‍රියාකාරකමක නොයෙදෙන අතර රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 02/2018 අනුව වසා දැමීම සඳහා හඳුනාගෙන ඇත.
    ඒ අනුව, එය වසා දැමීමෙන් අනතුරුව එය සතු ව පැවති සියලු වත්කම් හා වගකීම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමටත්, සේවයෙන් ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති එහි කාර්යමණ්ඩලයට වන්දි හා පාරිතෝෂික මුදල් ගෙවීමටත්, වන්දි ලබා සේවයෙන් ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ නොකරන එහි කාර්යමණ්ඩල සාමාජිකයන් ඔවුනට පෞද්ගලික වන සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටත්, භාරය සතු රන්දෙණිගල පුහුණු මධ්‍යස්ථානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටත් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.