වර්ග කිලෝමීටර 2 කින් ලංකාව ලොකු වෙලා

    May, 30, 2018

    රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට (31) ප්‍රකාශයට පත් කෙරේ.

    කොළඹ අලුතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා  ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 2කින් වැඩි වී ඇතැයි මිණුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත මහතා පවසයි. එමෙන් ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කොට තිබේ.

    නව ශ්‍රී ලංකා සිතියමේ 1:500 පරිමාණයේ මුද්‍රිත පිටපත් ජූනි මස මැදභාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව ද උදයකාන්ත මහතා පවසයි. එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැකිය.