වවන අයට මහ බැංකුවෙන් ණයක්. පොලිය සියයට 8 යි

    June, 29, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන රජයේ නිල වගා ණය යෝජනා ක්‍රමයක් දියත් කර තිබේ.

    රුපියල් මිලියනයක් දක්වා ගත හැකි මෙම ණය පහසුකම සඳහා අය කරනු ලබන ‌වාර්ෂික පොලිය සියයට 8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටී.

    කෙටි කාලීන භෝග වගා ව්‍යාප්ත කිරීමෙන් ආහාර සුරක්ෂිත කිරීම සහ කෘෂි ආර්ථිකයේ තිරසාර වර්ධනය අරමුණු කර ගනිමින් මෙම ණය ලබා දීම සිදුකරනු ලබයි.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.