වසර අවසන් වනවිට අපේ ගෙවුම් ශේෂය කොයිබටද?

    August, 10, 2014

    මේ වසර අවසන් වනවිට මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් බිලියන 1.5 ක පමණ අතිරික්තයක් ඇතිවනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසුවේ මේ වනවිට සංචාරක කර්මාන්තයෙන්, ප්‍රේෂණ වශයෙන්, අපනයන වලින්, විදේශීය ණය වශයෙන් මෙරටට ගලා එන මුදල් වර්ධනය වී තිබෙන බවයි.

    මෙයින් මෙරට ආර්ථික ස්ථාවරත්වය පිළිඹිබු වනබව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.