වසර 2 කදී යාපනයේ රැකියා වියුක්තිය දෙගුණ වෙලා

    September, 17, 2018

    2015 වසරේ දී 5.7% ක්ව පැවති යාපනය දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ති අනුපාතිකය 2017 වසර අවසානය වන විට 10.7% ක් දක්වා වර්ධනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

    මේ අතර උතුරු පළාතේ මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල රැකියා වියුක්තිය පසුගිය වසරක කාලය තුළ දී සුවිශේෂී ලෙස පහළ ගොස් තිබේ. මෙහිදී 2016 වසරේ දී 7.1% ක් ලෙසින් සටහන්ව තිබූ මන්නාර දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ති අනුපාතිකය 3.8% දක්වා ද, වවුනියාව දිස්ත්‍රික්කයේ මෙම අගය 5.2% සිට 2.8% දක්වා ද 2017 වසර තුළ දී අඩු වී තිබේ.

    පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් 2018 ශ්‍රී ලංකාවේ ආර්ථික සංඛ්‍යාලේඛන වාර්තාවෙන් උපුටා ගැනීමකි.