වාරණ නියෝගයෙන් HNB මහා සභාව නවතී

    October, 25, 2016

    පුද්ගලික නිකුතුවක් හරහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත සිදු කිරීමට නියමිත කොටස් නිකුතුව වෙනුවෙන් සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා හෙට දින (ඔක්තෝබර් 26) පැවැත්වීමට නියමිතව තිබූ අතිවිශේෂ මහා සභා රැස්වීම අවලංගු කළ බව හැටන් නැෂනල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.

    බැංකුවේ කොටස්කරුවකු වන Stassen Exports Ltd විසින් ගොනු කරන ලද පෙත්සමකට අනුව කොළඹ වාණිජ මහාධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

    කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 21 වන දින සමාගම විසින් කරුණු පැහැදිලි කළේ අධිකරණය විසින් මෙම මස 26 දින පැවැත්වීමට නියමිත අති විශේෂ මහා සභා රැස්වීම අත්හිටුවීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද ඒ පිළිබඳ කිසිදු දැනුම් දීමක් එතෙක් බැංකුව වෙත ලැබී නොමැති බවයි. එහෙත් ඊයේ (24) දිනයේ දී අදාළ වාරණ නියෝගය බැංකුව වෙත ලැබුණු බවත් ඒ අනුව මෙම කොටස් නිකුතුවට අදාළ කිසිදු පියවරක් හෝ ගැනීම වාරණයට ලක් කර ඇති බවත් වාර්තා වේ.

    මෙම කොටස් නිකුතුව හරහා ඩොලර් මිලියන 50 ක් සමාගමේ කොටස් ප්‍රාග්ධනයට එක් වීමට නියමිතය.