November, 6, 2017
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014,2015 සහ 2016 යන වාර්ෂික වාර්තාවල සඳහන් සේවා නියුක්තිය පිළිබඳ දත්ත සම්බන්ධව විවිධ ජනමාධ්‍ය මගින් වාර්තා නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත් වූ 2012 ජන හා නිවාස සංගණනයට පසු, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, පුකාශයට පත් කර තිබූ මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු සංශෝධනය කර, එම සංශෝධිත දත්ත ශ්‍රේණිය නැවත ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රම බලකා සමීක්ෂණයට අදාළ ඇස්තමේන්තු නැවත බර තබන ලද අතර, 2016 ජූලි මාසයේ දී 2011 වසරේ සිට ඉදිරි කාලපරිච්ඡේදය සඳහා නව ශ්‍රම බලකා ඇස්තමේන්තු ශ්‍රේණියක් ප්‍රකාශයට පත් කරන ලදී.මෙය ශ්‍රම බලකා සමීක්ෂණ ඇස්තමේන්තු හා මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු අතර වන අනුකූලත්වය තහවුරු කිරීම සඳහා අනෙකුත් රටවල් ද අනුගමනය කරන පොදු ක්‍රියාමාර්ගයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, නැවත බර තබන ලද ශ්‍රම බලකා ඇස්තමේන්තුවලට අනුකූලව 2016 වාර්ෂික වාර්තාවේ “සේවා නියුක්තිය“ පිළිබඳ දත්ත ඇතුළත් කරන ලදී.
ඒ අනුව, ශ්‍රම බලකා ඇස්තමේන්තු සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනවල අඩංගු තොරතුරුවලට අමතරව 2013සිට ඉදිරි කාලපරිච්ඡේදය සඳහා සන්සන්දනාත්මක දත්ත ශ්‍රේණියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තවේ සංඛ්‍යාලේඛන පිරිශිෂ්ටයේ සංඛ්‍යා සටහන් අංක 56 සහ 57 මගින් පරිශීලනය කළ හැකිය.
මහජනතාවගේ දැන ගැනීම පිණිස, නැවත බර තැබීමට පෙර සහ නැවත බර තැබීමට පසු, ශ්‍රම බලකා ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු පහත ඉදිරිපත් කර ඇත.

Video Story