වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පවරයි

    January, 28, 2019

    කෝරලේපත්තු, කෝරලේපත්තු බටහිර, කෝරලේපත්තු මධ්‍යම, කෝරලේපත්තු දකුණ, කෝරලේපත්තු උතුර සහ එරාවුර්පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි M/s. China Geo Engineering Company Limited සහ China National Aero Technology International Engineering Corporation එක්ව පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.