වාහන ආනයනය නවතයි

    May, 4, 2016

    ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම නතර කිරීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

    අද පැවති මාධ්‍ය හමුවක දී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මේ බව කියා සිටියේය.

    පවතින විනිමය අනුපාත උච්ඡාවචනයන්ට ඔරොත්තු දීමට තමන්ට නොහැකි බවත්, මෙම අස්ථාවර තත්ත්වය අවසන් වන තෙක් මාස 03 - 06 කට පමණ කාලයකට වාහන ආනයනය කිරීම අත්හිටුවීමට පියවර ගත් බව ඔහු මෙහිදී පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ පවතින තත්ත්වය තුළ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා රජයට විදේශීය සංචිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බැවින් ඊට සහායක් ලෙසින් ද මෙම පියවර ගත් බවයි.

    Video Story

    Stock Market

    Exchange Rates