October, 9, 2018
පසුගිය 2018 ජූලි මාසයේ දී පෞද්ගලික රථ වාහන ආනයනය සඳහා දරා ඇති මුළු පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 137 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2017 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 62.2 හා සැසඳීමේ දී 120.4% ක ඉහළ යාමකි.
මේ අතර 2018 වසරේ මුල් මාස 07 තුළ වාහන ආනයනය වෙනුවෙන් දරා ඇති වියදම ඩොලර් මිලියන 949.7 ක් ලෙසින් සටහන් වන අතර එය 2017 මුල් මාස 07 වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 432.4 ට වඩා 119.7% ක වැඩිවීමකි.
ප්‍රධාන වශයෙන්ම සිලින්ඩර ධාරිතාව 1,000 ට අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් රථ වැනි පෞද්ගලික භාවිතය සඳහා වන රථ වාහන ආනයනය ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයනය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙහිදී පෙන්වා දේ.
සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ ආනයනය සීමා කිරීම සඳහා මෙම කාණ්ඩ මත වන බදු 2018 අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමන ලදී.
තවද 2018 සැප්තැම්බර් 19 දින සිට බලපැවැත්වෙන පරිදි වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් රථවාහන ආනයන සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් පනවන ලද අතර පසුව එය සියයට දෙසීයයක් දක්වා ඉහළ දැමිණි.
Video Story