June, 12, 2017
බලපත්‍රයක් උපයෝගී කර ගෙන දේශීයව නිෂ්පාදනය කර මෝටර් රථයක් මිල දී ගනු ලබන හෝ මෝටර් රථයක් ආනයනය කිරීමේ දී ගෙවිය යුතු නිෂ්පාදන බදුවල වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව 2016.11.10 දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1992/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ, බලපත්‍ර උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් වාහන සම්බන්ධ වගන්තියේ සංශෝධනයක් සිදුවීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම වගන්තිය සංශෝධනය කර නව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.
ඒ සඳහා 2017.06.09 දාතමින් 2022/30 දරණ අති විශේෂ ගැසට් පත්‍ර අංකය වෙන් කර ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් වේ. කෙසේ වෙතත් අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
![]()
බලපත්‍රයක් උපයෝගී කර ගෙන දේශීයය නිෂ්පාදනය කර මෝටර් රථයක් මිල දී ගනු ලබන හෝ මෝටර් රථයක් ආනයනය කිරීමේ දී 2016.11.10 අංක 1992/29 දරණ ගැසට් පත්‍රයට අනුව අය කෙරෙන නිෂ්පාදන බදු ප්‍රතිශතයන් පහත පරිදි වේ.

Video Story