වාහන සීමා කිරීමට අළුත් චක්‍රලේඛයක් -(චක්‍රලේඛය අමුණා ඇත)

    September, 15, 2015

    (දෙවන සංස්කරණය)- මෙරට මාර්ග වලට පැමිණෙන වාහන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණෙන් කිසිදු මූලික ගෙවීමකින් තොරව සියයට සියයක් කල්බදු (Full Leasing) පහසුකම් හෝ සියයට සියයක් කුලීපිට ගැනීමේ පහසුකම් (Hire Purchase) මත වාහන මිලදීගැනීම වැලැක්වීමේ චක්‍රලේඛයක් (Circular) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ රාත්‍රී (14) නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ මෙම චක්‍රලේඛයට අදාළව කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනයේ සම්පූර්ණ මිලෙන් සියයට 70 ක් සඳහා පමණක් බවයි.

    මෙම චක්‍රලේඛයට අනුව ඉතිරි සියයට 30 ක මුදල වාහනය මිලදීගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතුයැයි මෙම නිළධාරියා හෙළි කළේය.

    “මේ වනවිට, අතේ කිසිදු මුදලක් නැතිව වාහනයක් සඳහා සම්පූර්ණයෙන්ම කල්බදු පහසුකමක් ලබාගත හැකියි. නමුත්, මේ චක්‍රලේඛයට අනුව කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනයේ මිලෙන් සියයට 70 ක් සඳහා පමණයි.“

    මේ වනවිට, මෙරටට පැමිණෙන වාහන ප්‍රමාණය ඉතාමත් ඉහළ අතර මාර්ගවල විශාල රථ වාහන තදබදයක් දැකගත හැකියි.
    010203