වැට් නිසා වාහන මිල ඉහළ යන බවට තවම තීරණයක් නැහැ

    April, 26, 2016

    ලබන මැයි 02 වන දින සිට සංශෝධිත වැට් බදු ගැළපුම ආනයනික වාහන සඳහා අදාළ වන්නේ දැයි යන්න පිළිබඳ තවම තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපති කෝකිල දීකිරිවැව මහතා කියා සිටියේ ආනයනික වාහන සඳහා මෙතෙක් වැට් බදු අය කිරීමක් සිදුනොකළ බවත්, ආනයනික තීරු බදු අයකිරීමක් සිදුකළ බවත්ය.

    වාහන ආනයනය සඳහා වැට් බදු පැනවීමක් පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම් දීමක් තමන් වෙත ලැබී නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.