වැඩිම විදෙස් සෘජු ආයෝජන හොංකොං දේශයෙන්

    April, 28, 2016

    2015 වසරේ ශ්‍රී ලංකාව තුළ සිදුකළ විදේශීය සෘජු ආයෝජන අතුරින් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ හොංකොං වලිනි. මෙහිදී ගෙවී ගිය වසර තුළ විදේශීය සෘජු ආයෝජන සිදුකරන ලද සෙසු ප්‍රධානතම රටවල් ලෙසින් පිළිවෙලින් මුරුසි දිවයින, නෙදර්ලන්තය, චීනය සහ ඉන්දියාව හඳුනාගෙන තිබේ.

    විදේශීය සෘජු ආයෝජන වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ඉඩම් සංවර්ධනය, සංචාරක සහ විදුලි සංදේශ යන ව්‍යාපෘති සඳහාය. ඒ අනුව 2015 වසරේ දී ශ්‍රී ලංකාව ලද මුළු විදේශීය සෘජු ආයෝජනවලින් 22% ක් ඉඩම් සංවර්ධනය, 19% ක් සංචාරක සේවා සහ 14% ක් විදුලි සංදේශ යන ක්ෂේත්‍ර සඳහා ලැබී තිබේ.

    පසුගිය දා එළිදක්වන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වසර සඳහා වන වාර්ෂික වාර්තාව මඟින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.