වැඩියෙන් ස්මාර්ට්, හර්ෂ ද ඉසුරු ද?

    March, 25, 2019

    තමන් විසින් ස්මාර්ට් පාසැලක් ආරම්භ කර තිබියදීත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් විද්‍යාලය කෝට්ටේ දී ආරම්භ කිරීම සඳහා මුල් ගල් තබන්නේ කෙසේ දැයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටී.

    සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ 2016 වසරේ දී තමන් මුල් වරට එවැනි පංතියක් ආරම්භ කළ බවත්, 2018 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ පළමු ශ්‍රේණිය එලෙස ආරම්භ කිරීමත් සමඟම එවැනි පළමු පාසැල ලෙසින් තමන් විසින් එය ආරම්භ කරනු ලැබූ බවත්ය.

    එළඹෙන අප්‍රේල් 01 දින මහරගම පුරවරයේ දියත් කිරීමට නියමිත නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව දක්වා ඇති ප්‍රදර්ශන පුවරුවක ඡායාරූපයක් උපුටමින් අමාත්‍යවරාය මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ මෙය ලැජ්ජාවට කරුණක් බවයි.

    අදාළ ට්විටර් පණිවුඩය පහතින් දැක්වේ.