වැඩි කළ සිගරට් බද්දක් යළි අඩු කරයි

    October, 23, 2019

    දුම්කොළවලින් හෝ දුම්කොළ ආදේශකවලින් නිෂ්පාදිත සුරුට්ටු, කට තබන පැත්ත උල්වූ සුරුට්ටු, සිගාරිලෝස් සහ සිගරැට් සඳහා පනවා තිබූ නිෂ්පාදන බදුවල වෙනසක් සිදුකර තිබේ.

    මේ අනුව දිග මිලි මීටර 67 ට වැඩි නමුත් දිග මි.මි. 72ට නොවැඩි සිගරැට් කාණ්ඩය සඳහා සිගරැට් 1,000 ක් සඳහා වන නව නිෂ්පාදන බද්ද රු. 33,000 ක් ලෙසින් නියම කර තිබේ.

    2113/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව දිග මිලි මීටර 67 ට වැඩි නමුත් දිග මි.මි. 72ට නොවැඩි සිගරැට් සඳහා පැවති නිෂ්පාදන බද්ද, සිගරැට් 1,000 ක් සඳහා රු. 23,000 කි.

    2019 ජූලි 10 දින නිකුත් කරන ලද අංක 2131/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම වර්ගයේ සිගරැට් 1,000 ක් සඳහා වන නිෂ්පාදන බද්ද රු. 37,600 ක් දක්වා ඉහළ දමන ලදී.

    මේ අනුව අදාළ නිෂ්පාදන බද්ද සිගරැට් 1,000 ක් සඳහා රු. 37,600 සිට රු. 33,000 ක් වන පරිදි පහත දමා ඇත.