February, 1, 2019
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 10ක් සඳහා නව සභාපතිවරුන් හා විධායක අධ්‍යක්ෂකවරුන් හට පත්වීම් ප්රදානය කිරීම සිදු කෙරිණි.
එහිදී ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය ද , ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස නිමල් මිත්‍රරත්න මහතා, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති ලෙස ආචාර්ය මොහාන් අබේරත්න මහතා, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ලෙස තිලක් මහානාම මහතා, ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති ලෙස ඩී. බණ්ඩාර කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය සභාපති ලෙස එම්.ඩබ්.එම්.බණ්ඩාරතිලක මහතා, ශ්‍රී ලංකා උක් පර්යේෂණ ආයතනයේ සභාපති ලෙස කේ.ෆ්‍රැන්සිස් කරුණාසේන මහතා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස වයි.එල්. කපිල යකන්දාවල මහතා, සී/ස කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති ලෙස ඒ.එම්.පියසෝම උපාලි මහතා සහ විධායක අධ්‍යක්ෂක ලෙස එච්.ඒ.පී.ටී.කේ. තුසිත ඩයස් මහතා, සී/ස හලාවත වැවිලි සමාගමේ සභාපති ලෙස ආසිරි හේරත් මහතා සහ විධායක අධ්‍යක්ෂක ලෙස එම්.කේ.බී. සෙනෙවිරත්න මහතා, සී/ස ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ලෙස නාලක දේවින්ද මඩවල මහතා ද පත්වීම් ලැබීය.
Video Story