වැවිලි සමාගම් ලාභ බෙදීම අරඹයි

    March, 14, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගම් කිහිපයක් විසින් සිය ලාභාංශ නිවේදනයන් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලදී.

    මෙහිදී හැටන් ප්ලාන්ටේෂන් සමාගම කොටසකට සත 50 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, වටවල වැවිලි සමාගම විසින් කොටසකට සත 75 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    මේ අතරින් වඩාත් කැපී පෙනුනේ කෑගල්ල සහ නමුණුකුල වැවිලි සමාගම්වල ලාභාංශ නිවේදනයයි. එහිදී කෑගල්ල වැවිලි සමාගම කොටසකට රු. 7.50 ක් සහ නමුණුකුල වැවිලි සමාගම කොටසකට රු. 14.00 ක් බැගින් වන පරිදි අතුරු ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත.

    මීට අමතරව මල්වත්ත වැවිලි සමාගම කොටසකට සත 12 ක් බැගින් වන පරිදි අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.