වැ‍විලි නියාමන සහ අනුකූලතා ආයතනය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබේ

    March, 29, 2018

    ඉඩම් ප්‍රතිසංස්කරණ පනත්වලින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පවරන ලද ඉඩම් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත පසුව පවරා දෙන ලදුව, ඉන් අනතුරුව ප්‍රාදේශීය වැවිලි සමාගම් 23ක් වෙත 1992 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි වසර 53ක කාලයක් සඳහා බදු ගිවිසුම් යටතේ ලබා දී තිබේ.

    එම සමාගම්වල රජයේ අයිතිය සම්බන්ධයෙන් වන අධීක්ෂණ කටයුතු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය මඟින් සිදු කරනු ලබයි.

    බදු කාලය තුළ තවදුරටත් ඉතිරිව ඇති වසර 28ක බදු කාලසීමාව තුළ රජයේ අයිතීන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය වෙනුවට ප්‍රමාණවත් අධීක්ෂණ බලතල සහිතව වැවිලි නියාමන සහ අනුකූලතා ආයතනය ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.