විද්‍යාත්මක සහයෝගීතාවයට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙයි

    February, 12, 2017

    ශ්‍රී ලංකාව සහ යූරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN) අතර උච්ච ශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ ජාත්‍යන්තර සහයෝගීතා ගිවිසුමකට (ICA) එළැඹීම, පසුගිය 8 වැනි දා ජිනීවාහිදී සිදු කෙරිණි.

    මේ සඳහා දෙපාර්ශවය නියෝජනය කරමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ CERN හි ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබද අධ්‍යක්ෂ ධූරය දරණ චාලට් වරකාවුල්ලේ මහත්මිය විසින් අත්සන් තැබිණි.

    මෙම අවස්ථාව අමතමින් අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුයේ CERN වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ විද්‍යාත්මක සහයෝගීතාවය ප්‍රවර්ධනය කර ගැනීම හරහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා රජය දරණ ප්‍රයන්තයන්ට දායක විය හැකි අතරම රටෙහි විද්‍යා අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහාද මෙය මහෝපකාරී වන බවයි.