විදුල්ලංකා උගන්ඩාවට විදුලිය දෙයි

    March, 14, 2017

    උගන්ඩාවේ Kabale දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද Muvumbe කුඩා ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇති බව විදුල්ලංකා පීඑල්සී නිවේදනය කර සිටී.

    මෙම ජලවිදුලි ව්‍යාපෘතිය මෙගාවොට් 6.5 ක ධාරිතාවයකින් යුක්ත වේ.

    වාර්ෂිකව උගන්ඩාවේ ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 31.42 ක සැපයුමක් මෙමඟින් ලබා දීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටක් කියා සිටී.

    මෙම කුඩා ජලවිදුලි බලාගාරය විදුල්ලංකා පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන උගන්ඩාවේ (Muvumbe Hydro (Uganga) Limited හි හිමිකාරීත්වයේ පවතින්නකි.

    අදාළ අධිකාරීන්ගේ අනුමැතිය ලද වහාම මෙම ජලවිදුලි බලාගාරයේ සැපයුම ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව වාර්තා වේ.