විදුලිබල මණ්ඩලයේ මාස 03ක පාඩුව රු. බිලියන 38 පනී

    August, 15, 2022

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2022 ජූනි 30 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී වාර්තා කර ඇති ශුද්ධ අලාභය රු. බිලියන 38.49 ක් බව එහි නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ.

    ඒ අනුව මණ්ඩලය විසින් 2022 පළමු භාගය තුළ වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන 71.47 ක් වේ. මෙය 2021 වසරේ පළමු භාගය හා සැසඳීමේ දී 1,471% කින් අලාභය වැඩිවීමකි.

    අදාළ දත්ත සැලකීමේ දී 2022 වසරේ ජූනි 30 දක්වා දින 181 ක කාලය සැලකීමේ දී විදුලිබල මණ්ඩලයේ දිනක පාඩුව රු. මිලියන 394.9 ක් වේ.

    විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති මිලියන 200 ක ණයකර ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති බැවින් සෑම කාර්තුවක දීම මණ්ඩලයේ මූල්‍ය වාර්තා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කළ යුතු වේ.

    2022 ජූනි 30 න් අවසන් කාලපරිච්ඡේදයට අදාළ සමාගමේ ලාභ අලාභ ප්‍රකාශය පහතින් දැක්වේ.