March, 10, 2026
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව මෙතෙක් කලක් ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට එහි මෙහෙයුම් සමාගම් 6කට පැවරෙනු ඇත.
එනම්,
1. National System Operator (Pvt) Limited
2. Electricity Generation Lanka (Pvt) Limited
3. National Transmission Network Service Provider (Pvt) Limited
4. Electricity Distribution Lanka (Pvt) Limited
5. Energy Ventures Lanka (Pvt) Limited
6. CEB Employees Funds (Pvt) Limited
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර තිබූ රු. බිලියන 20ක ණයකරයක් මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර තිබේ. ඒ හේතුවෙන් එම ණයකරය ලැයිස්තුගත කළ දිනයේ සිට මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමේ වගකීම විදුලිබල මණ්ඩලයට පැවරී තිබුණි.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු අදාළ ණයකරයේ වගකීම විතැන් වන්නේ කුමන සමාගමට ද යන්න, විදුලිබල මණ්ඩලයේ මූල්‍ය කළමනාකරු විසින් ඊයේ (09) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව Electricity Distribution Lanka (Pvt) Limited වෙත අදාළ ණයකරයේ වගකීම පවරා ඇත.
Video Story