March, 27, 2019
පවතින විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බවත්, සොබාදහමේ වෙනස්කම් සම්බන්ධයෙන්, අමාත්‍යවරයා ලෙසින් තමාට කළ හැකි කිසිවක් නොමැති බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසය. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව කියා සිටී.
අමාත්‍යවරයා විසින් තම ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.
"අපිට දැන් විදුලිය හිඟයක් පවතිනවා. මට ඒක හංගන්න අවශ්‍ය නැහැ. මණ්ඩලයේ ඉන්ජිනේරුවො විදුලි කප්පාදුවකට යමු කියල කිව්වෙ මීට කාලයකට කලින්. ඒත් මමයි ඒක වළක්වා ගත්තෙ. දැන් මට එහෙම බලපෑම් කරන්න බැරි මට්ටමකට මේක අර්බුදයක් වෙලා. විෂය භාර අමාත්‍යවරයා විදියට මම ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. සොබාදහමේ වෙනස්කම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විදියට මට කිසි දෙයක් කරන්න බැහැනෙ. මම අමාත්‍යාංශය භාර අරන් දින 71කින් ඒ අමාත්‍යාංශයේ ඇති වන ගැටලුවලට කොහොම ද පිළියම් සොයන්නේ..? මේවට සූදානම් වෙන්න, කලින් අමාත්‍යවරුන්ට ඕන තරම් කල් තිබුණා. ඒ අයට තිබුණා විකල්පවලට යන්න. ඒත් හැමෝ ම කරල තිබුණේ ප්‍රශ්නවලට පැලැස්තර දාපු එක විතරයි.“
“මගෙන් පස්සෙ එන තවත් කිසි ම අමාත්‍යවරයෙකුට මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇති නොවන විදියට කටයුතු කරනවා."
Video Story