September, 27, 2018
ශ්‍රී ලංකාව තුළ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා Ceylon High Speed Railways Ltd නම් සමාගමක් විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව අනුමත කිරීම සඳහා කොමිස් මුදල් ලබා ගැනීමට තැත් කිරීම පිළිබඳ සිදුවීමක්, අදාළ සමාගම විසින් අනාවරණය කර සිටී. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට ද Ceylon High Speed Railways Ltd පියවර ගෙන ඇත.
මෙහිදී මෙම සමාගම කියා සිටින්නේ 2016 ඔක්තෝබර් 28 දින මෙකී ව්‍යාපෘති යෝජනාව ආයෝජන මණ්ඩලය වෙත යොමු කරනු ලැබූ බවත් මෙතෙක් එම ව්‍යාපෘතිය අනුමත කිරීමට කටයුතු කළ නොමැති බවත්ය. මෙහිදී මෙම සමාගම විසින් චෝදනා කර සිටින්නේ මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ අමාත්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි සමාගමේ සහ සමාගමේ ආයෝජකයින්ගේ කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේ දී ලබා දීමට එකඟ නොවීම මෙසේ වීමට ප්‍රධාන හේතුව බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සතිඅන්ත සිංහල පුවත්පතක් විසින් හෙළිදරව් කරනු ලැබූ අවස්ථාවේ ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරනුයේ, එම සමාගම අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, අනුමැතිය නොලැබීමට හේතු වී ඇති බවයි.
මෙම විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සමාගම විසින් රජයේ ඉඩම් අක්කර 2,000 ක්ද ඇතුළුව අක්කර 4,000 ක ප්‍රමාණයක් ඉල්ලා ඇති බව සඳහන් කරන ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටින්නේ ඔවුන් පිහිටුවන කර්මාන්තපුරවල මත්පැන් බලපත්‍ර ද සහිත අධිසුඛෝපභෝගී හෝටල් ඉදිකිරීමට ද යෝජනා කර ඇති බවයි. තවද ලංකා ආයෝජන මණ්ඩලය පවසන පරිදි එවැනි විශාල ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා එම සමාගම සතුව ඇති අතීත පළපුරුද්ද හා ශක්‍යතාවය පිළිබඳ තහවුරුවක් ලබා දීමට ද Ceylon High Speed Railways Ltd අසමත් වී තිබේ.
මේ අතර Ceylon High Speed Railways Ltd සමාගමේ ආයෝජකයින් හා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතර වූ හමුවක වීඩියෝවක්, අදාළ සමාගම විසින් ප්‍රසිද්ධියට පත කර තිබුණි. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් Ceylon High Speed Railways Ltd විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වෙන අතර, මේ සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ලංකා ආයෝජන මණ්ඩලය කළ කරුණු දැක්වීම ඊට පහළින් දැක්වේ.





The Board of Investment of Sri Lanka refers to the article dated 23.09.2018 published in Mawbima newspaper covering a proposed Railway project that was not yet approved due to the investor failing to submit the required information to the BOI to obtain the clearance of the Single Window Investment Approval Committee (SWIAC).
SWIAC was established by the Government to grant approvals for this type of large scale investment projects.
The article makes a series of allegations relating to the project, naming several leading political figures and senior officials of the BOI. The application is for a project that was allegedly blocked in the article due to corruption.
However the real reason that the project is not yet approved, was because the investor failed to provide BOI with important documents such as past project reports, financial credentials and proof that the company has the right technical capabilities to handle a project of that magnitude.
This project proposal was discussed at the SWIAC several times chaired by Dr R H S Samaratunga, the Secretary to the Ministry of Finance. On 10.11.2017, this proposal was taken up again at the SWIAC with the participation of the investor's representatives. As the SWIAC ruled that the project proposal did not include comprehensive information, BOI was instructed by SWIAC to issue a letter informing the company that they need to submit the required documentation. The information has not yet been fully submitted.
The company in question also requested tax holidays which could not be accommodated under the present laws. To satisfy this potential investor Sri Lanka would have had change the current legislation covering investments.
The company also requested for the project, the transfer of 4000 acres of land including 2000 acres of State land and also wanted to set up a private bank, in addition to setting up a university inside the factory premises. Furthermore the company wanted to develop the Muthurajawela jetty which necessitated an additional 600 acres of State land. They also wanted to build super luxury hotels with liquor licenses in each of their industrial zones to be set up.
However their failure to provide details such as proof of their past experiences in building such projects, their financial credentials and technical know-how made it impossible for BOI to approve a project that required handing over thousands of acres of state lands with no proof that it could be finalized. This information is what is normally requested from investors who apply to start projects.
Therefore, the BOI categorically refutes the allegations that were made and wishes to point out that at all stages the project was handled transparently and professionally, consistent with its role as a facilitator of projects that benefit the country.
Video Story