විදෙස් ආයෝජකයින් ලයිස්තුගත සමාගම්වල ආයෝජනය අඩුවෙයි

    July, 3, 2014

    මේ වසරේ මුල් මාස හතර තුළදි කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගම්වල විදේශීය ආයෝජකයින් සිදුකර තිබෙන කොටස් මිලදී ගැනීම සියයට 37 කින් අඩුවී තිබෙන බව හෙළිවේ.

    මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (MID – YEAR FISCAL POSITION REPORT 2014) මෙම කරුණු හෙළිවන අතර 2013 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී විදේශීය ආයෝජකයින් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා කළ කොටස් මිලදී ගැනීම සියයට 11 ක වර්ධනයක් පෙන්වා තිබුණි.

    මේ අතර, මෙම වාර්තාවේ දැක්වෙන්නේ මේ වසරේ මුල් මාස හතර තුළදී විදේශීය ආයෝජකයින් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා කළ කොටස් විකිණීම සියයට 10 කින් වර්ධනය වී රුපියල් බිලියන 30.2 ක් වටිනා කොටස් විකුණා දමා තිබෙන බවයි.

    මේ වසරේ පළමු මාස හතර තුළදී සමස්ත මිල දර්ශකය (All Share Price Index) සියයට 4.5 කින්ද, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය (S&P SL 20 Index) සියයට 1.5 කින්ද වර්ධනය වී තිබීම කැපී පෙනේ.